දූෂිත ශම්මිලා නෙරපීම සදහා
ආණ්ඩුවයි විපක්ෂයයි
ඒකාබද්ධව ගෙන එන යෝජනාව
හෙට පාර්ලිමේන්තුවට..!
ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිත නිළධාරීන් නෙරපීම සදහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එනු ලබන යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිත ය.
දූෂිත නිළධාරීන් ඉවත් කිරීමට අදාල යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ආණ්ඩු පක්ෂය එම යෝජනාව ස්ථිර කිරීමට නියමිත ය.
විවාදය, පෙරවරු නමයයි තිහට ආරම්භ වන අතර, එය පස්වරු පහයි තිහ දක්වා පැවැත්වේ.
යෝජනාව සදහා ඡන්දය විමසීම පස්වරු පහයි තිහට සිදු කිරීමට නියමිත ය