‘දෙමළ පක්ෂ එකතුකර ගන්න හදන්නේ
ජිනීවාවලට පෙන්වන්න..!’
ජනපතිට පක්ෂව ඡන්දය දුන්නු
විග්නේෂ්වරන් ජනපති ගැන හිත බිද ගනී.
දෙමළ දේශපාලන පක්ෂ ආණ්ඩුව සමග එකතු කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුහුසුළු වී තිබෙන්නේ වෙන කිසිවකට නොවේ ජිනීවාවලට පෙන්වීමට යැයි උතුරු පලාතේ හිටපු මහ ඇමති සීවී විග්නේස්වරන් මහතා චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට අනුකූලව කටයුතු කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බව විග්නේශ්වරන් පවසයි.
පසුගිය බදාදා දිනයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී දෙමළ ඩයස්පෝරාවේ මුදල් රටට ගෙන්වා ගත හැකි ආකාරය පිළිබදව යෝජනාවලියක් තමන් සමග බෙදා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණු බව විග්නේශ්වරන් පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේ දී පෙනී ගිය තවත් කරුණයක් පිළිබදවද විග්නේශ්වරන් අවධාරණය කර තිබේ. එනම්, 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ කිසිදු උවමනාවක් ජනාධිපතිවරයාට නැති බව තමන්ට පෙනුන බවයි. බලය බෙදා හැරීම වෙනුවට දැඩි මධ්‍යගත පාලනයක් ස්ථාපිත කිරීම පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව තමන්ට පෙනුන බව හිටපු උතුරු පලාත් මහඇමතිවරයා පවසා තිබේ.
ඊට අමතරව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම – උතරේ ඉඩම් සහ අතුරුදන් වූවන් පිළිබදව ප්‍රශ්නය පිළිබදව ද අවධායන යොමු කළ බව විග්නේශ්වරන් පවසයි.
කෙසේ වෙතත්, දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තෘප්තිමත් විය හැකි ආකාරයේ විසදුම් ලැබෙන තෙක් ආණ්ඩුව හා සෘජුව සම්බන්ධ නොවී විපක්ෂයේ සිට රජයට සහාය දීමට තමන් සූදානම් බව සී.වී. විග්නේශ්වරන් මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.