‘දෙලක්ෂ තිස්දාහක පෞද්ගලික දුරකථන බිල
රජයේ මුදල්වලින් ගෙවලා…!’
ඇමති කෙහෙළියට
අධිචෝදනා භාර දෙයි.
රාජ්‍ය මුද්රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නමසිය අසූ හතරක මුදලක් යොදා ගනිමින් තම පෞද්ගලික දුරකථනයේ බිල ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩු පරවා තිබුණි.
අමාත්‍යවරයා විසින් මෙකී වංචාසහගත ක්‍රියාව සිදුකර තිබෙන්නේ 2011 වසරේ දී ය.
සිය දුරකථන බිල රජයේ මුදලින් ගෙවීම සදහා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එවකට රාජ්‍ය මුද්රණ නීතිගත සංස්ථාවේ සභෘපතිවරයා පොළඹවා තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාටම එරෙහිව කොළඹ මහාධිකරණය අද අධිචෝදනා ලබා දුන්නේ ය.