දෙවන වාරිකය මුදා හැරීම සදහා
අවශ්‍යයෙන්ම සපුරාලිය යුතු කොන්දේසියක්…!
ලංකාව සදහා ලබා දීමට එකග වී තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ කවදාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෲවර් මහතා පවසා සිටියේ, ඒ සදහා නිශ්චිත කාල පරාසයක් නොමැති බවයි.
එසේම, පොරොන්දු වූ ණය මුදලේ දෙවන වාරිකය ලබා දීමට පෙර, කොන්දේසි දෙකක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෘප්තිමත් විය යුතුව ඇති බවද ඒ මහතා පැවසී ය.
එම කොන්දේසි දෙක අතරින් පළමු කොන්දේසිය වන්නේ ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාවයකට පැමිණීමයි.
අනෙක් වැදගත්ම කොන්දේසිය නම්, ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන සදහා සියළු ණය හිමියන්ගේ එකගතාවය ලබා ගැනීමයි.
මෙම කොන්දේසි දෙක සැපුරූ සැනින්, දෙවන ණය වාරිකය මුදාහැරීමට හැකි බව, පීටර් බෲවර් මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද පැවැත් වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සදහා චීනයේ සහාය නොලැබුනහොත් සිදුවිය හැක්කේ කුමක් දැයි ප්‍රශ්න කළ නමුත් ඒ සදහා නිශ්චිත පිළිතුරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමෙන් ලැබුනේ නැත.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, බ්ලූම්බර්ග් වාර්තා කර තිබුණේ, චීනය පසෙකින් තබා, පොදු එකගතාවයකට පැමිණීමට ශ්‍රී ලංකාවේ ණය හිමියක් සාකච්ඡා කරමින් සිටින බවයි.