දෙසැම්බරයේ
මුල් දින විස්සට
සංචාරකයෝ පනස් දහසක් එති.
දෙසැම්බර් මාසයේ මුල් දින විස්ස තුළ විදේශීය සංචාරකයන් 50,375 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනවාරි මාසයේ සිට දෙසැම්බර් විසිවන දා දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයන්ගේ මුළු ගණන 678,392 කි.
මේ දක්වා ලංකාවට පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. ඉන්දියානු සංචාරකයන් සහ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් දෙවන සහ තුන්වන ස්ථානය ගනී.
ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුල සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.12 ක මුදලක් උපයාගෙන තිබේ.