දෙසැම්බර් මුල් සතියේ
සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට.
දෙසැම්බර් මුල් සතියේ දී සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඔවුන් සතුව ඇති දත්ත අනුව දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී සංචාරකයන් 16,169 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
දෙසැම්බර් මුල් සතියේ දෛනික සංචාරක පැමිණීම සාමාන්‍යයක් ලෙස 2300 කි. එය නොවැම්බර් මාසයේ දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය අගය වූ 1900 හා සසදා බැලීමේ ඉහළ අගයකි.
දෙසැම්බර් මුල් සතිය අවසන් වන විට මෙම වසරේ දී මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 644,168 කි.
දෙසැම්බර් මුල් සතියේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
දෙවන වැඩිම සංචාරකයන් පැමිණි රට වන්නේ ඉන්දියාවයි. තෙවන තැන එක්සත් රාජධානියට හිමිවන අතර සිව්වැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඕස්ටේ්‍රලියාවෙනි.