දෙසැම්බර් 31 වන විට
රජයේ සේවකයන් 30,000 ක් විශ්‍රාම යයි.
ඉන්පසු වැටුපෙන් 85% ක්
විශ්‍රාම වැටුප ලෙස ඔවුන්ට හිමි වේ.
දෙසැම්බර් 31 වන දා වන විට රාජ්‍ය සේවයේ තිස් දහසකට වඩා වැඩි පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා තිබේ.
මේ සා විශාල පිරිසක් එකවර විශ්‍රාම ගියද රාජ්‍ය සේවයේ කඩා වැටීමක් ඉන් සිදු නොවන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන එම පිරිසට ඔවුන්ගේ වැටුපෙන් 85% ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවීමට සිදුවන බවද අමාත්‍යවරයා පවසයි.