දේවානන්දගේ හිග විදුලි බිල ලක්ෂ 85 ඉක්මවයි. මණ්ඩලය විදුලිය කපයි.

0
128

දේවානන්දගේ හිග විදුලි බිල
ලක්ෂ 85 ඉක්මවයි.
මණ්ඩලය විදුලිය කපයි.


ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනයේ පිහිටි කාර්යාලයේ හිග විදුලි බිල
8,550,982.50 ක් බව පැවසේ.

මෙම හිග විදුලි බිල 1998 නොවැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා වූ කාලයට අදාලය.

2014 දෙසැම්බර් මාසයෙන් පසුව ඔහු නිසි පරිදි විදුලි බිල ගෙවමින් සිටින බව වාර්තා වුවද ගෙවීමට නියමිත ලක්ෂ අසූ පහ ඉක්ම වූ අති දැවැන්ත හිග මුදල මේ දක්වා ගෙවා නැත.

හිග විදුලි බිල ගෙවා දමන ලෙස අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තිබුනද ඔහු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට අදාල කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීමට පියවරගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 5 =