දේශපාලනඥයන්, පොලිස් -ත්‍රිවිධ හමුදා සහ ආයතන ප්‍රධානීන්, රජයෙන් දී තිබෙන වාහන දෙදහසක් පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගෙන…!

0
382

දේශපාලනඥයන්, පොලිස් -ත්‍රිවිධ හමුදා සහ ආයතන
ප්‍රධානීන්, රජයෙන් දී තිබෙන වාහන දෙදහසක්
පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගෙන…!

දේශපාලනඥයන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ ආයතන ලොක්කන් සදහා රජය විසින් ලබා දී තිබෙන වාහන දෙදහසක් පමණ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සදහා යොදාගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, බුද්ධි අංශ වාර්තාවකින් මෙම කරුණු තහවුරු වී තිබේ.

ඇතැම් ආයතන ප්‍රධානීන්, ඔවුන්ගේ පෞද්ගලික වාහනය, ඔවුන් සේවය කරන ආයතනයටම කුලී පදනම යටතේ භාර දී ඇති අතර, එම වාහනය තමන්ගේ නිල රථය ලෙස භාවිතා කරන අවස්ථා ද ඇති බව එම වාර්තාව අනාවරණය කරන බව පුවත්පත වාර්තා කරයි.

බොහෝ විට රජයෙන් ලබාගෙන තිබෙන වාහන, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන් පාසල් රැගෙන යාම වැනි කටයුතු සදහා අවභාවිතා වනු දක්නට ලැබෙන බව පුවත්පත පවසයි.

මෙම වාහන සදහා ඉන්ධන සහ බොහෝ විට රියැදුරන්ද රජය මගින් ලබා දී තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =