‘දේශපාලනඥයොත්
60 න් විශ්‍රාම යා යුතුයි..!’
කැප්පිටියාගොඩ සිරිවිමල
අනුනාහිමියෝ පවසති.
වෛද්‍යවරු-ඉන්ජිනේරුවරු වැනි වෘත්තිකයන් වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යන පරිදිම දේශපාලනඥයන්ද වයස අවුරුදු හැටේදී විශ්‍රාම යා යුතු යැයි කැප්පිටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා උන්වහන්සේ බැහැදැකීම සදහා ගැටඹේ විහාරයට ගිය අවස්ථාවේ දී සිරිවිමල නාහිමියෝ මේ බව පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින් වයස අවුරුදු හැට සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාය යා යුතුබවට චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බවත්, ඉන් අදහස් වන්නේ වයස අවුරුදු හැට ඉක්මවීමෙන් පසුව පුද්ගලයන් ඔවුන් මේ තාක් දරමින් සිටි වගකීම් දැරීමට නුසුදුස්සන් බවට පත්වන බව යැයි පවසන සිරිවිමල නාහිමියෝ එය දේශපාලනඥයන්ටද අදාල බව පවසති.
ඒ අනුව තරුණයන්ට ඉඩ දී වයස අවුරුදු හැට ඉක්ම වූ දේශපාලඥයන් ද විශ්‍රාම ගත යුතු යැයි උන්වහන්සේ යෝජනා කරති.