දේශපාලනඥයෝ ඉන්න නොදෙයි. තිස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය ඉවත්වෙයි.

0
491

දේශපාලනඥයන්ගේ හිතවතුන්ට ඉඩම් ලබා නො දීම.
ගිනිතැබූ නිවාසවලට ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම.
දේශපාලනඥයෝ ඉන්න නොදෙයි.
තිස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය ඉවත්වෙයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමිය ස්තාන මාරුවක් ලබා ඇති බව වාර්තා වේ.

හේතුව, පළාතේ දේශපාලන අධිකාරියෙන් එල්ලවන දැඩි බලපෑමයි.

මීට වසර එක හමාරකට පමණ පෙර ඇය තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාරගෙන තිබේ.
ඇය, නීතියට පිටින් ගොස් හිතවත්කම් මත සිය රාජකාරිය පාවා නොදුන් නිළධාරිනියක බව පැවසේ.

කෙසේ වෙතත්, පසුගිය අරගල සමයේ දී එම ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ නිවාස කිහිපයක් ගිනිතබා විනාශ කර තිබෙන අතර, හානි වූ දේපළ සදහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් කිරීම ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, දේශපාලන අධිකාරියේ වෛරය ඈ වෙත යොමුව ඇති බව පැවසේ.

ඊට අමතරව, දේශපාලනඥයන්ගේ හිතුවතුන්ට රජයේ ඉඩම් ලබා දීම ද ඈ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය ඈ සමග විරසකව සිටින බව වාර්තා වේ.

මේ සියලු කරුණු හේතුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්තුමිය, පසුගියදා සිය ධූරයෙන් ඉවත්වී ඇති අතර, ඇය ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයකට මේ වන විට සම්බන්ධ වී සිටින බව පැවසේ.

මෙම පුවත ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − three =