දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය එක්ව නොවැම්බර් 02 කොළඹ අත දැවැන්ත විරෝධතාවක්…!

0
292

දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා
ශිෂ්‍ය ව්‍යාපාරය එක්ව
නොවැම්බර් 02
කොළඹ අත දැවැන්ත විරෝධතාවක්…!


එළැඹෙන නොවැම්බර් දෙවන දා කොළඹ දී අත දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට විරුද්ධ පක්ෂ දේශපාලන සංවිධාන වෘත්තීය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය සැලසුම් කර තිබේ.

මේ සදහා සමගි ජනබලවේගය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාල පක්ෂ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින ප්‍රබල දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සහභාගීවීමට නියමිතය.

මෙම විරෝධතාවය සදහා ජවිපෙ සහභාගීත්වය මෙතෙක් තහවුරු කර නැත.

නමුත් සංවිධායකන් ජවිපෙ සම්බන්ධ කර ගැනීම සදහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
දේශපාලන පක්ෂවලට අමතරව ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක්ද මෙම විරෝධතාවයට එක් වීමට නියමිතය.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද විරෝධතාවය සදහා සහභාගීවන බව ප්‍රකාශ කර තිබේ.

නොවැම්බර් දෙවන දා සවස 3 ට මරදාන එල්ෆ්න්ස්ටන් රඟහල අසලින් පා ගමනක් ආරම්භ වන බව ද වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම – අත් අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීම – පුනරුත්ථාපන කාර්යාල පනත හකුලා ගැනීම – සාමකාමී විරෝධතාවය සදහා ඇති අයිතිය පිළිගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =