දේශබන්දුට එරෙහිව
අනුරුද්ධ බණ්ඩාර ගොනු කළ නඩුවට
ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.
සාධාරණ හේතුවකින් තොරව තමන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන තිබෙන නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
2022 වසරේ අප්‍රේල් මාසයේ පලමුවැනි දා දිනයේ දී කිසියම් පිරිසක් විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වු අනුරුද්ධ බණ්ඩාර පැහැරගෙන ඇති බව වාර්තා විය.
එම පුවත මහත් ආන්දෝලනයක් රට තුළ ඇති කළ අතර එම දිනයට පසුදින එනම් 2022 වසරේ අප්‍රේල් මාසයේ 2 වන දා මෝදර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් වාර්තා විය.
එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අනුරුද්ධ බන්ඩාර ගොනුකර තිබෙන නඩුවේ දේශබන්දු තෙන්නකෝන්ට අමතරව පොලිස්පතිවරයා සහ මෝදර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළුව පොලිස් නිළධාරීන් 12 දෙනෙකු වගඋත්තර කරුවන් කර තිබේ.
අනුරුද්ධ බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියි.