දේශබන්දුට පොලිස්පති පුටුව දීමට
ජනපති ඉක්මන් නොවේ…!
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නිල වශයෙන් අද දිනයේ දී විශ්‍රාම යාමට නියමිතව තිබුනද ජනාධිපතිවරයා විසින් ඔහුට තවත් මාස ත-ුනක සේවා දිගුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත ජයසුන්දර මහතා ඉල්ලා අස් වූ අතර ඔහුගෙන් පුරප්පාඩු වූ පොලිස්පති දූරය සදහා සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබුණි.
සී.ඩී. වික්‍රමරත්න මහතා මාර්තු විසි හය එනම් අද දිනයේ දී විශ්‍රාම යාමට නියමිතව තිබුණු අතර ඔහුගෙන් පුරප්පාඩු වන එම දූරය සදහා බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට නියමිත බව පසුගිය දා වාර්තා විය.
21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිධූරය සදහා ජනාධිපතිවරයා විසින් යම් අයෙකු නම් කළ යුතු අතර ජනාධිපතිවරයා විසින් එසේ නම් කරනු ලබන පුද්ගලයා පොලිස්පති ලෙස පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් මේ දක්වා කිසිවකුගේ නමක් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කරන ලෙසට දැනුම් දී ව්‍යවස්ථාදායක සභාවට යොමු කර නැති බව කතානායකවරයා පවසා තිබේ.