දේශීය ආදායම්,
සුරාබදු සහ රේගු
ලොක්කෝ කැදවා
ජනපති දෙහි කපයි…!
අපේක්ෂිත ආදායම් ඉලක්ක අත්පත් කර ගැනීම සදහා කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, දේශීය ආදායම් බදු, සුරාබදු සහ රේගුව යන ආයතනවල ප්‍රධානීන් කැදවා දොස් නගා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
විශේෂයෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු දැලට හසුකරගත යුතු පුද්ගලයන් අත්හැර දමා තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය දැඩි අප්‍රසාදය එහි ප්‍රධානීන් වෙත පළකර තිබේ.
දැනට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විවෘත කර තිබෙන්නේ බදු ලිපිගොනු ලක්ෂ පහක් පමණි. මෙම සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, එය මිලියනය ඉක්මවා යා යුතුව ඇති බවත් ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
රජය අපේක්ෂා කරන ඉලක්ක කරා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට නොහැකි වී ඇත්තේ, දේශීය ආදායම්, සුරා බදු සහ රේගුව යන ආයතනවල නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා යැයි ද ජනාධිපතිවරයා දොස් පවරා තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල්කරණයට ලක් කරන ලෙස වසර ගණනාවක සිට ඉල්ලා තිබූ නමුත්, ඔවුන් ඩිජිටල්කරණයට ගොස් තිබුණේ මෑතක දී ය. සමස්ත පද්ධතියම ඩිජිටල්කරණය කිරීමෙන්, රාජ්‍ය ආයතනවල දූෂණ වළක්වා ගත හැකි බව විශේෂඥ මතයයි.
කෙසේ වෙතත්, මේ දක්වා රේගුව හෝ සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර නැත.