දේශීය ණය ප්‍රශස්තකරණය අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

0
313

දේශීය ණය ප්‍රශස්තකරණය
අභියෝගයට ලක් කරමින්
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකගතා අනුව යමින්, රජය දේශීය ණය ප්‍රශස්තකරණයට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සම ගොනුකර තිබෙන්නේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, මුජිබුර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන අය විසිනි.

ශ්‍රී ලංකා මහබැංකුව, මහබැංකු අධිපතිවරයා, මුදල් මණ්ඩලය, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ, සේවක අර්ථසාධක අරමුදල, රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරන විට, ඒ සදහා ගෙවනු ලබන පොලී අනුපාත පහත හෙලා තිබීම ගැටළුවක් බව පෙත්සම්කරුවෝ පවසති.

සේවක අර්ථසාධක අරමුදල ත-ුළ, මිලියන 2.5 ක පමණ වැඩ කරන ජනතාවගේ සක්‍රීය ගිනුම් පවතින අතර, ඔවුන්ගේ අරමුදල්, විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කරවල ආයෝජනය කර තිබෙන අතර, දේශීය ණය ප්‍රශස්තකරණය හරහා, එසේ ආයෝජනය කර තිබෙන අරමුදල් සදහා ගෙවනු ලබන පොලී අනුපාත 9% දක්වා පහත හෙලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =