දෛනිකව පිළිකා රෝගීන් 46 ක් මිය යති.

0
135

දෛනිකව පිළිකා රෝගීන් 46 ක් මිය යති.

දෛනිකව පිළිකා රෝගීන් 45 දෙනෙකු මිය යන බවත් තවත් රෝගීන් 105 දෙනෙකු අළුතින් දෛනිකව ප්‍රතිකාර සදහා යොමුවන බවත් ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

2020 වසරේ දී පිරිමි රෝගීන් 17,834 ක් සහ කාන්තා රෝගීන් 20,395 දෙනෙකු පිළිකා සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු ව ඇති අතර ප්‍රතිකාර සදහා යොමු වූ රෝගීන්ගෙන් 50% ක් මියගොස් ඇති බව ද පැවසේ.

පිළිකා සදහා අවශ්‍ය ඖෂධ වර්ගවල උග්‍ර හිගයක් පවතින බව පැවසෙන අතර අවශ්‍ය ඖෂධ සපයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසා තිබේ. කෙසේ වෙතත් ඒ සදහා තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවටද ඔවුන් අනුමාන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =