දෛනික විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි විස්සක් දක්වා දීර්ඝ කරයි.

0
113

දෛනික විදුලි කප්පාදුව
පැය දෙකයි විනාඩි විස්සක් දක්වා දීර්ඝ කරයි.


මේ දක්වා පැයකුත් විනාඩි විස්සක් ලෙස පැවති දෛනික විදුලි කප්පාදුව හෙට සිට පැය දෙකකුත් විනාඩි විස්සක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය අද සිට ක්‍රියාත්මක කිරීම සදහා ඊයේ දිනයේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණද මහජන උපයෝගීතා කොමිසම ඊයේ දිනයේ දී ඊට අවසර දී නොතිබුණි.

කෙසේ වෙතත් ඊයේ ලබා නොදුන් අවසරය අද දිනයේ දී ලබා දීමට කොමිසම තීරණය කර තිබෙන අතර ඒ අනුව හෙට සිට විසිපස්වනදා දක්වා පැය දෙකකුත් විනාඩි විස්සක විදුලිය කප්පාදුවක් සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =