නකල්ස් රක්ෂිතයේ හෝටල් ගහන්ඩ ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ජනපති රනිල් යන්ඩ කියයි…!

0
1724

නකල්ස් රක්ෂිතයේ හෝටල් ගහන්ඩ ගිය
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට
ජනපති රනිල් යන්ඩ කියයි…!


නකල්ස් රක්ෂිතයේ අනවසර හෝටල් ව්‍යාපෘතියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

සිරිපාර අමරසිංහ නම් හිටපු සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා නකල්ස් රක්ෂිතයේ අනවසර හෝටයක් ඉදි කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය සතියේ දී පාර්ලිමේන්තුව හමුවේ හෙළි කර සිටියේ ය.

චෝදනා එල්ල වී තිබෙන සභාපතිවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන ජනාධිපතිවරයා නව සභාපති ලෙස සුපුන් එස් පතිරගේ මහතා පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 14 =