‘නඩුවේ වියදම් දනුෂ්ක බලාගත යුතුයි..!’ ක‍්‍රීඩා අමාත්‍යංශය.

0
597

‘නඩුවේ වියදම්
දනුෂ්ක බලාගත යුතුයි..!’
ක‍්‍රීඩා අමාත්‍යංශය.


ඕස්ටේ‍්‍රලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක දනුෂ්ක ගුණතිලක, ඔහුට අවශ්‍ය නීති සහාය ලබා ගැනීමේ කටයුතුද ඇතුළුව ඔහුට එරෙහිව ගොනුවන නඩුව සදහා සියළු වියදම් තනිව දරාගත යුතු බව ක‍්‍රීඩා අමාත්‍යංශය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

දනුෂ්ක ගුණතිලකගේ ප‍්‍රශ්නය ඔහුගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් බැවින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඒ සදහා වියදම් දැරීම අනුමත කළ නොහැකි බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වරයා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පවසා ඇතැයි වාර්තා වේ.

මේ වන විට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අයාතනය විසින් දනුෂ්ක ගුණවර්ධනට එරෙහිව තරග තහනමක් පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =