නතාශා එදිරිසූරිය අත්අඩංගුවට.
ප්‍රහසන වැඩ සටහනක දී බුදුන්ට අපහාස වන ආකාරයේ අදහස් පළ කළ බවට චෝදනා එල්ල වී තිබෙන නතාශා එදිරිසූරිය, අත්අඩංගුවට ගෙන තිබේ.
නතාශා එදිරිසූරිය, රටින් පිටවීම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
ඈ විසින් සිදු කර තිබෙන ප්‍රකාශ හරහා බුදු දහමට අපහාසයක් සිදුව ඇති බවට සමාජ මතයක් නිර්මාණය වීමට ගත් අවස්ථාවේ දීම නතාශා එදිරිසූරිය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබුණි.