නව දූෂණ විරෝධී පනත 15 වනදා සිට බලාත්මකයි…!සොරාගත් වත්කම් යළි ගෙන ඒමට සහාය දෙන බව ජාත්‍යන්තරය කියයි.

0
395

නව දූෂණ විරෝධී පනත
15 වනදා සිට බලාත්මකයි…!
සොරාගත් වත්කම්
යළි ගෙන ඒමට සහාය දෙන බව
ජාත්‍යන්තරය කියයි.

නව දූෂණ විරෝධී පනත මේ මස පහළොස්වන දා සිට බලාත්මක වන අතර, ඒ අනුව, අනීතික ලෙස මෙරටින් පිට කර තිබෙන වත්කම් යළි අත්පත් කර ගැනීම සදහා කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාරකටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ඒ සදහා ශ්‍රී ලංකා රජයට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා තිබේ.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපය භාර නියෝජිත මාර්කෝ ටෙක්සේරියා Marco Teixeira මහතා අතර ඊයේ දිනයේ දී විශේෂ හමුවක් ද සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − five =