නසීර්ගේ අසුන හිස් වේ. පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.

0
1291

නසීර්ගේ අසුන හිස් වේ.
පාර්ලිමේන්තු මහලේකම්
මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධූරය හිස්වී ඇති බව, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ අනුව, මුස්ලිම් කොන්ග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් ලයිස්තුවේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටින අපේක්ෂකයා, නසීර් මොහොමඩ්ගෙන් පුරප්පාඩුවන මන්ත්‍රීධූරය සදහා තේරී පත් වීමට නියමිත ය.

ඒ අනුව, මුස්ලිම් කොන්ග්‍රසයෙන් තරග වැදුණු අලි සහීර් මවුලානා එම අවස්ථාව උදාකර ගනු ඇත.

නසීර් අහමඩ් මුස්ලිම් කොන්ග්‍රසයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, පසුව ඔහු ආණ්ඩුව හා එක් වීමට තීරණය කලේය.

ඒ අනුව, මුස්ලිම් කොන්ග්‍රසය ඔහු පක්ෂයෙන් නෙරපා දැමුවේ ය.

නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා දැමීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කිරීමෙන් පසුව, ඔහුට සිය මන්ත්‍රී ධූරය අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =