නසීර්ට අසුන අහිමි වීම ගැන
බ්‍රිතාන්‍ය ජාතික ආයෝජකයා සතුටින්..!
ඇමති නසීර් සහ
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ
සභාපති දූෂිතයන් බව
ආයෝජකයා කියයි.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව, ලන්ඩන් කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමක් වන Capital Metals plc (CML) නම් බ්‍රිතාන්‍ය සමාගමේ පැසසුමට ලක්ව තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, නසීර් අහමඩ් ට ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමිවන අතර, ඒ සමගම ඔහු දැරූ පරිසර අමාත්‍ය ධූරයද අහිමි වී යයි.
නසීර්ට එරෙහිව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිය සතුට පල කර තිබෙන ඉහත සදහන් කළ සමාගම, පරිසර අමාත්‍යවරයාට සහ අමාත්‍යවරයා විසින් පත් කරන ලද භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාර්ය්‍යංශයේ සභාපතිවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ, සමාගම සතුව තිබුණු කැණීම් බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයා සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා අනීතිකව කටයුතු කර තිබෙන බවට චෝදනා කරමිනි.
Capital Metals plc (CML) නම් සමාගම, නැගෙනහිර පළාතේ ඛණිජ නිධි කැණීම් හා සම්බන්ධව සිටින විදේශීය ආයෝජකයන් අතළොස්ස අතරෙන් එකකි.