නානුඔය මාරක රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන්
කොළඹට ගෙන ඒමට අවශ්‍යනම් ගුවන් හමුදාවේ සහාය ලබා ගන්න.
ජනපති උපදෙස් දෙයි.
නානුඔය, රදැල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් අතර කොළඹට රැගෙන විත් ප්‍රතිකාර ලබා දිය යුතු තත්ත්වයේ දරුවන් සිටී නම් ගුවන් හමුදාවේ සහාය ඇතිව ඔවුන් කොළඹට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
තර්ස්ටන් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් ත්‍රීරෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුනේ වෑන් රථයේ ගමන් කළ හය දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් කළ එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
බස් රථය තුළ පාසල් සිසුන් 44 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පැවසෙන්නේ.