නාමල්ගේ නිර්දේශයෙන් පත් කළ
ප්‍රධාන විධායක නිළධාරියා ඉවත් කිරීමට පියවර..?
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක නිළධාරී ධූරය සදහා නාමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත පත් කළ නිළධාරියා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීම මත ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ.
GSMB Technical Services (Pvt) Ltd හී ප්‍රධාන විධායක නිළධාරී ධූරය සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් නම් දෙකක් යෝජනා කර තිබුණු අතර විෂය භාර අමාත්‍යවරයා වන නසීර් අහමඩ් ඉන් එක් අයෙකු අදාල තනතුර සදහා පත් කර තිබුණි.
එම පත් කිරීම කිසියම් ආන්දෝලනයක් ඇති කළ අතර ඉන්පසුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගත යුතු කමිටුවක් පත් කළේ ය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම කමිටුවේ ප්‍රධානත්වය දරයි.