නාමල්ගේ ලක්ෂ විසි හයේ විදුලි බිල සනත් නිශාන්ත ගෙවා දමයි. “බිල නොගෙවීම මහින්ද රාජපක්ෂ මහතාට කරන අගෞරවයක්..!” සනත් නිශාන්ත කියයි.

0
78

නාමල්ගේ ලක්ෂ විසි හයේ විදුලි බිල
සනත් නිශාන්ත ගෙවා දමයි.
“බිල නොගෙවීම මහින්ද රාජපක්ෂ මහතාට කරන
අගෞරවයක්..!”
සනත් නිශාන්ත කියයි.

නාමල් රාජපක්ෂ මහතාගේ මංගලෝත්සවය වෙනුවෙන් කාල්ටන් නිවසට ලබා දුන් විදුලිය සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ විසි හයකට වඩා වැඩි අගයකින් යුතු- විදුලි බිල ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පියවර ගෙන තිබේ.

අදාල විදුලි බිල ගෙවා දැමීමේ වගකීම කිසිවකු භාර නොගන්නා නිසා, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් මෙම විදුලි බිල ගෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ, විදුලි බිල ගෙවීම සදහා කිසිවකු ඉදිරිපත් නොවීමෙන්, මහින්ද රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන බවයි. තමන් ගරුකරන නායකයා එසේ අපහාස විදිනවා දකින්නට අකමැති බැවින්, විදුලි බිල ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 12 =