නාමල්ලාගේ අනුරාධපුර රැස්වීමට ශෙහාන් නෑ. මාතලේ රැස්වීමට ජනක-ප්‍රමිත-රෝහණ දිසානායක නෑ. ගම්පහ රැස්වීමට ප්‍රසන්න නෑ. මාධ්‍යය –

0
825

නාමල්ලාගේ අනුරාධපුර රැස්වීමට
ශෙහාන් නෑ. මාතලේ රැස්වීමට
ජනක-ප්‍රමිත-රෝහණ දිසානායක නෑ.
ගම්පහ රැස්වීමට ප්‍රසන්න නෑ.
මාධ්‍යය –


දේශපාලන පිටියේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන සති අග ලංකාදීප පුවත්පත, පොහොට්ටු පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදයක් පිළිබදව වාර්තා කර තිබේ.

පුවත්පත වාර්තා කරන ආකාරයට අර්බුදය හටගෙන ඇත්තේ, මීළග ජනාධිපතිවරණයකට, පොහොට්ටු පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ගැටළුව පැන නැගීමත් සමගිනි.

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසා තිබුණේ මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය තුළ සංවාදයක් මතුව ඇති බැවියි.

කාන්චන අමාත්‍යවරයාගේ මේ අදහස සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ ඇතැම් පිරිස් ඔහුට දොස් පවරා ඇතැයි පුවත්පත වාර්තා කරයි.

මීට අමතරව, පොහොට්ටු පක්ෂයේ නාමල් පාර්ශ්වය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් මග හැර තිබෙන පිරිස් පිළිබදව පුවත්පත ලියා තිබේ.

ඒ අනුව, පොහොට්ටු පක්ෂය මෑතක දී බියගම පවත්වා තිබෙන සමුළුව පිළිබදව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දැනුම්වත් කර නැත.

පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වන්නේ ප්‍රසන්න රණතුංගයි.

එමෙන්ම, පොහොට්ටු පක්ෂය අනුරාධපුරයේ පවත්වා තිබෙන රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නැත.

ඊට අමරතව, පොහොට්ටු පක්ෂ මාතලේ පවත්වා තිබෙන රැස්වීමට සදහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන අය සහභාගී වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − eighteen =