නාවිකයන් දෙදෙහසක් සමඟ චීන යුද නැව අනිද්දා හම්බන්තොටට එයි.

0
307

නාවිකයන් දෙදෙහසක් සමඟ චීන යුද නැව
අනිද්දා හම්බන්තොටට එයි.
හෙට ඉන්දියාව සමුද්රීය නිරීක්ෂණ ඩෝනියර් යාත්‍රාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙයි.


පසුගිය එකොළොස්වන දා පැමිණීමට තිබුණු ආන්දෝලනාත්මක චීන යුද නෞකාව අනිද්දා එනම් දහසය වන දා හම්බන්තොට වරාය වෙත සේන්දු වීමට නියමිත ය.

අගෝස්තු දහසයවනදා හම්බන්තොට වරායට පැමිණෙන නෞකාව අගෝස්තු 22 වන දා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටියි.
අදාල නෞකාව තුළ නාවිකයන් දෙදහසක් සිටින බව පැවසේ.

නැව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඇමරිකාව සිය විරෝධය පළ කර තිබුණු අතර අවසානයේ දී නැවේ පැමිණීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට ශ්‍රී ලංකා රජයට සිද්ධ විය.

කෙසේ වෙතත් නැව අනිද්දා දිනයේ දී හම්බන්තොට වරායට සේන්දු වේ.

මේ අතර ඉන්දියාව විසින් හෙට දිනයේ දී ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමු්දරීය මුර සංචාරක ගුවන් යානාවක් ලංකා රජයට නොමිලයේ ලබා දෙන බව පැවසේ.

මෙම ගුවන් යානය පියාසර කරවීම සදහා ඉන්දියාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =