නැන්සි පෙලෝසිගේ ආගමනයට විරෝධය පාමින්, තායිවානය වට කොට සජීවී යුධ අභ්‍යාසයකට චීනය සැරසෙයි…!

0
319

නැන්සි පෙලෝසිගේ ආගමනයට විරෝධය පාමින්,
තායිවානය වට කොට සජීවී යුධ අභ්‍යාසයකට
චීනය සැරසෙයි…!


එක්සත් ජනපද කොන්ග‍්‍රස් මණ්ඩල කතානායිකා, නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට විරෝධය පෑමක් වශයෙන්, තායිවානය වටකොට මුහුදේ සහ ගුවනේ සජීවී යුධ අභ්‍යාසයක නිරත වීමට චීනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ මෙම සැලසුම, තායිවාන රජය දැඩි ලෙස හෙලා දැක තිබේ.

චීනයේ මෙම කි‍්‍රයාව; තායිවානයේ ගුවන් හා මුහුදු සීමාව ඔවුන් විසින් අවහිර කිරීමකට සමාන බව තායිවානය පවසයි.

කෙසේ වෙතත්, චීනය මෙම යුද අභ්‍යාසය පැවැත්වීම සිදු කරන්නේ නැන්සි පෙලෝසි තායිවානයෙන් පිටත්ව ගිය පසුවයි.
එළැඹෙන බ‍්‍රහස්පතින්දා සහ ඉරිදා අතර දිනවල මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =