නැව් දෙකෙන් පැමිණි සංචාරකයෝ යාලට ලක්ෂ හැත්තෑ දෙකක ආදායමක් උපයා දෙති.

0
372

නැව් දෙකෙන්
පැමිණි සංචාරකයෝ
යාලට ලක්ෂ හැත්තෑ දෙකක
ආදායමක් උපයා දෙති.


පසුගිය නොවැම්බර් 30 වන දා සහ දෙසැම්බර් 05 වන දා සුඛෝපභෝගී නෞකාවලින් මෙරටට පැමිණි සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණීමෙන් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකකට වඩා වැඩි ආදායමක් වනජීවිය උපයාගෙන ඇතැයි වාර්තා වේ.

නොවැම්බර් තිස්වන දා පැමිණි නෞකාවේ සිටි සංචාරකයන් 551 දෙනෙකු යාල නැරඹීම සදහා ගොස් තිබුනු අතර එදින වනජීවිය උපයා ඇති ආදායම හැට දෙලක්ෂ දහනම දහස් පන්සිය හැටකි.

දෙසැම්බර් පස්වනදා පැමිණි නෞකාවේ සිටි සංචාරකයන් 86 දෙනෙකු යාල නැරඹීම සදහා ගොස් තිබුණු අතර ඔවුන් පැමිණීම හේතුවෙන් වනජීවිය උපයා ඇති ආදායම රුපියල් නවලක්ෂ අසූ එක්දහස් නවසියයකි.

ඒ අනුව අදාල නෞකා දෙක පැමිණීම හේතුවෙන් රුපියල් 72,01541 ක ආදායමක් වනජීවිය උපයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − one =