නිදහස් සමරුවේ වියදම;
ගෝඨා ලක්ෂ 950 යි.
ජනපති රනිල් ලක්ෂ 4000 යි.
මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් රජය වාර්තාගත මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ.
2022 වසරේ නිදහස් දින සැමරුම වෙනුවෙන් වැය කර තිබෙන රුපියල් ලක්ෂ 950 ක් හෙවත් කෝටි 9.5 ක් බවත් මේ වසරේදී නිදහස් දින සැමරුම වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් කෝටි 40 ක් බවත් දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
පසුගිය වසර හා සසදා බැලීමේ දී මේ වසරේ ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මේ සා විශාල වියදමක් දැරීමට සිදුව ඇත්තේ රට තුළ පවතික අධික උද්ධමනය හේතුවෙන් බව පැවසේ.
නිදහස් දින සැමරුම වෙනුවෙන් පසුගිය වසරවල දරා තිබෙන වියදම් පහතින්.
2021 දී 80,662,000.36
2020 දී 63,214,561.99
2019 දී 68,130,091.15
2018 දී 86,805,319.35
දිවයින පුවත්පත ඇසුරෙනි.