ජපන් සමාගමකින්
රුපියල් මිලියන 200 ක
අල්ලස් ඉල්ලීම.
නිමල් සිරිපාලට එරෙහිව
අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
ජපන් සමාගමකින් රුපියල් මිලියන දෙසියක අල්ලසක් ඉල්ලා ඇති බවට, හිටපු ගුවන් සේවා අමාත්‍යවරයා වන නිමල් සිරිපාලද සිල්වාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් පුරවැසියෙකු විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබේ.
අදාල චෝදනාව එල්ල වීමෙන් පසුව, නිමල් සිරිපාලද සිල්වා, ජූලි මාසයේ 06 වන දා ඔහු එතෙක් දැරූ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් කරන ලෙස නිමල් සිරිපාලද සිල්වා වත්මන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, නිසාම් මව්ලානා නමැති පුරවැසියෙකු විසින් අදාල අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබේ.