නියමු ව්‍යාපෘතියක් ලෙස
කංසා වගාව ආරම්භ කිරීමට
ආයෝජන මණ්ඩලයට අවසර ලැබේ.
ආයෝජන මණ්ඩලයට අයත් භූමි ප්‍රදේශයක, නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සදහා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට ඒ සදහා පත් කළ විශේෂඥ කමිටුව අවසර දී තිබේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලුම් අමුණුගම මහතා අද පැවති මාධ්‍ය හමුවක දී මේ බව හෙළිකර තිබේ.
නියමු ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයට අයත්, කටුනායක වෙළද කලාපය තුළ ආරම්භ කිරීමට නියමිත ය.