නියෝජ්‍ය කතානායකගේ
ඉඩමක දැවැන්ත ගංජා වගාවක්…!
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ඉඩමක කිසියම් පුද්ගලයෙකු විසින් ගංජා වගාවක් සිදුකරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අදාල ඉඩම කුලියට ගත් පුද්ගලයා විසින් මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබේ.
මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල පිහිටි අක්කර 10 ඉඩමක් කුලී පදනමක් යටතේ ලබාගෙන ඇති අදාල පුද්ගලයා එම ඉඩමෙන් අක්කර දෙක හමාරක ගංජා වගාවක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාල ගංජා වගාව වටලන අවස්ථාවේ දී එහි හොදින් වැඩුණු ගංජා ගස් 18,956 ක් තිබුනු බව පැවසේ.