නිර්වින්දන ඖෂධ නෑ.
කළුතර රෝහල
සියලු සිසේරියන් සැත්කම්
නවත්වයි.
උග්‍ර නිර්වින්දන ඖෂධ හිගය හේතුවෙන්, සියලු සිසේරියන් සැත්කම් අත්හිටුවීමට කළුතර ශික්ෂණ රෝහල තීරණය කර තිබෙන බව වාර්තා වේ.
දැනට රෝහල සත-ුව ඇත්තේ දින දෙකකට පමණ ප්‍රමාණවත් නිර්වින්ද ඖෂධ ප්‍රමාණයක් පමණක් බව පැවසේ.
ඒ අනුව, සිසේරියන් සැත්කම් සිදුකළ යුතු ගර්භණී මවුවරු, නිර්වින්දන ඖෂධ ප්‍රමාණවත් ලෙස පවතින රෝහල් වෙත මාරුකර යැවීමට රෝහල් බළධාරීන් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, නිර්වින්ද ඖෂධවල දැඩි හිගයක් රට තුළ පවතින බවත්, ඒ පිළිබදව වහා අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් කලුතර රෝහලේ අදාල බළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බවද වාර්තා වේ.