නිර්වින්දන ඖෂධ බිංදුවයි. සිසේරියන් සැත්කමක්වත් කරගන්න බැරි වෙයි. එක්ස් රේ සහ රුධිර පරීක්ෂණත් නෑ. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමට ඔන්න මෙන්න.

0
168

නිර්වින්දන ඖෂධ බිංදුවයි.
සිසේරියන් සැත්කමක්වත් කරගන්න බැරි වෙයි.
එක්ස් රේ සහ රුධිර පරීක්ෂණත් නෑ.
සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමට ඔන්න මෙන්න.

ඖෂධ, ශල්‍ය උපකරණ සහ රසායනාගාරවල භාවිතා කරන ශල්‍ය රසායනික ද්‍රව්‍යවල උග්‍ර හිගයක් පවතින බවත් ඒ පිළිබදව අවධානය යොමු නොකළ හොත් සමස්ත සෞඛ්‍ය පද්ධතියම නුදුරේදීම බිද වැටෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය පවසා තිබේ.

මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ඈ මෙම අනතුරු හැගවීම සිදුකර තිබේ.

නිර්වින්ද වෛද්‍යවරු භාවිතා කරන ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශයේ බිංදුවටම අවසන් වී ඇති බව ඇය පවසයි.
මේ තත්ත්වය මත හදිසි සැත්කම් හා සිසේරියන් සැත්කම් පවා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇතිය ඇය අනතුරු හගවයි.

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත්තේ බොහෝ රෝහල්වල මූලික රුධිර පරීක්ෂාවන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් පවා නොමැති බවයි.

එමෙන්ම ඇතැම් රෝහල්වල එක්ස්රේ මුද්රණය කිරීමේ හැකියාව නොමැති වී ඇති බැවින් රෝගීන්ට සීඩී තැටි ගෙන ඒමට උපදෙස් දී ඇති බව ද වෛද්‍යවරයා පවසයි.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම සදහා ඉන්දියාව ලබා දී තිබෙන ණය පහසුකම ප්‍රශස්ත ලෙස භාවිතා කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + eight =