නිර්වින්දන වෛද්‍යවරු රට ගිහින්..! ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් නවතී.

0
135

නිර්වින්දන වෛද්‍යවරු රට ගිහින්..!
ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් නවතී.


ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකය දින කිහිපයක සිට වසා දමා ඇති අතර ශල්‍ය කර්ම සිදු කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව වාර්තා වේ.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාම මේ වන විට විදෙස්ගතව සිටීව මේ තත්ත්වයට හේතුව බව පැවසේ.

එක් විශේෂඥ වෛද්‍යවරයෙකු ශ්‍රී ලංකාව අත්හැර දමා විදෙස් රටක පදිංචියට ගොස් ඇති අතර අනෙක් වෛද්‍යවරයා, වැඩි දුර අධ්‍යාපනය සදහා විදෙස්ගතව තිබේ.

මේ තත්ත්වය මත ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් නැවතී ඇති අතර, සැත්කම් සදහා යොමුකළ යුතු රෝගීන් රත්නපුර, කරාපිටිය, හම්බන්තොට සහ මාතර රෝහල්වෙත හරවා යවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 15 =