නිල රථ භාර නොදුන් පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර…!

0
370

නිල රථ භාර නොදුන්
පොහොට්ටු මන්ත්‍රීවරුන්
දෙදෙනාට එරෙහිව
නීතිමය පියවර…!

ඔවුන්ට ලබා දී තිබුණු නිල රථ යළි භාර නොදීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බව සන්ඩේ ඔබ්ස්වර් පුවත්පත වාර්තා කර තිබේ.

සිය නිල රථ භාර දී නැති මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ කේ.පී.එස්. කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන අයයි.

ඔවුන් දෙදෙනා භාවිතා කළ ලෑන්ඩ් කෲසර් සහ ටොයෝටා හයිලක්ස් වර්ගයේ රථ දෙක මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය භාරයට ගෙන ඇති බව පැවසේ.

මන්ත්‍රීවරුන් දෙදෙනාට මෙම වාහන ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + four =