‘නිවසට ගිනි තැබූ දවසේ
ඇමති රමේෂ්ගේ අල්මාරියේ
රුපියල් කෝටියකටත් වඩා මුදලක්.
එම මුදල පැහැරගත් අය අල්ලති.’
මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මැයි නම වනදා ජන අරගලය මධ්‍යයේ කිසියම් පිරිසක් විසින් රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා තිබුනු අතර ඒ සදහා පැමිණි පිරිසෙන් පුද්ගලයන් තිදෙනෙක් අමාත්‍යවරයාගේ අල්මාරියේ තිබී රුපියල් කෝටියක මුදල් සොරාගෙන ගොස් ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.
පොලිසිය විසින් අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තමන් එම කෝටියක මුදල ලබා ගන්නා අවස්ථාවේ තවත් මුදල් නෝට්ටු මිටි රැුසක් ඒ තුළ තිබුණු බවත් අනෙක් පිරිස එම මුදල් රැුගෙන ගිය බවත් ය.