‘නිසැකවම ප්‍රභාකරන් මිය ගියා…!’ ශ්‍රී ලංකා යුද හමුදාව.

0
205

‘නිසැකවම ප්‍රභාකරන් මිය ගියා…!’
ශ්‍රී ලංකා යුද හමුදාව.


වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවත් ඔහු ඉතා නුදුරු දිනෙක ම මහජනතාව ඉදිරියේ පෙනී සිටිනු ඇති බවත් ලෝක ද්‍රවිඩ සංගමයේ සභාපති නෙදුමාරන්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

මාධ්‍ය හමුවේ දී නෙදුමාරන් සිදුකළ එම ප්‍රකාශය ශ්‍රී ලංකා යුද හමුදාව එක හෙලා ප්‍රතික්ෂේප කරයි. ප්‍රභාකරන්ගේ මරණය පිළිබදව කිසිදු සැකයක් තියා නොගන්නා ලෙසත් ප්‍රභාකරන් නිශ්චිතවම මිය ගිය බවත් ශ්‍රී ලංකා යුද හමුදාව තරයේ කියා සිටියි.

ප්‍රභාකරන්ගේ මරණය ඩී.එන්.ඒ පරීක්ෂණයකින් තහවුරු වූ බව පවසන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්, ඩී.එන්.ඒ පරීක්ෂණයට අමතරව, කරුණ අම්මාන් සහ දයා මාස්ටර් විසින් ප්‍රබාකරන්ගේ සිරුර හදුනා ගනු ලැබූ බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + seven =