නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් දූරයෙන් ඉවත්කරයි..!

0
460

නීල් බණ්ඩාර හපුහින්න
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්
දූරයෙන් ඉවත්කරයි..!

නීල් හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් දූරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ. නීල් හපුහින්න මහතාගේ නම මාධ්‍යයේ ප්‍රසිද්ධියට පත් වූ වේ, ඔහු, පලාත් පාලන මැතිවරණයට අදාලව ඇප මුදල් භාර නොගන්නා ලෙස තේරීම් භාර නිළධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වීමත් සමගිනි.

ඔහුගේ එම ක්‍රියාව නීති විරෝධී බව පැවසූ මැතිවරණ කොමිසම, ඔහු මැතිවරණ කොමිසම හමුවට කැදවා ඒ පිළිබදව ප්‍රශ්න කරන බව ද නිවේදනය කලේ ය. නමුත් එවැන්නක් සිදු වූ බව තහවුරු නොවී ය.

කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා තේරීම් භාර නිළධාරීන්වෙත එවැනි ලිපියක් යොමු කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් අදාල තීරණය ගෙන තිබුණු නිසා යැයි පසුව වාර්තා විය.

නීල් හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත්කර තිබෙන්නේ එවැනි පසුබිම ක යි.

එබැවින්, නීල් හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට හේතුව, ඇප මුදල් භාර නොගන්නා තේරීම් භාර නිළධාරීන්ට දැනුම් දීමේ ලිපිය තමන් යොමු කලේ කැබිනට් තීන්දුවකට අනුව යැයි ඔහු විසින් තහවුරු කර තිබීම බව, පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

හපුහින්න මහතා විසින් තේරීම් භාර නිළධාරින් වෙත යොමු කළ ලිපිය පලාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා දියත් වූ නන් වැදෑරුම් කුමන්ත්‍රණ අතර එක් ප්‍රධාන කුමන්ත්‍රණයක් බවට චෝදනා වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ද දැඩි දෝෂ දර්ශනයට ලක් වීමට සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − six =