“නුදුරේදීම පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට කටයුතු කරනවා..!” ජනපති රනිල්.

0
260

“නුදුරේදීම පළමු රාජ්‍ය නොවන
වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට
කටයුතු කරනවා..!”
ජනපති රනිල්.


නුදුරේදීම පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජෝසප් ෆ්‍රෙසර් රෝහලේ සියවන සංවත්සර සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර යන තත්ත්වයක් උදා වී ඇති බව පවසන ජනාධිපතිවරයා, ඒ හේතුව මත, වැඩි වැඩියෙන් වෛද්‍යවරු බිහිකිරීමේ අවශ්‍යතාවයක් නිර්මාණය වී ඇති බවද පවසයි.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨයක් කඩිනමින්ම ආරම්භ කිරීමට හේතුව එය බව ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලාංකීය වෛද්‍යවරු නොමැතිව, එක්සත් රාජධානියේ වෛද්‍ය සේවය පවත්වාගෙන යාමේ ගැටළුවක් නිර්මාණය වී ඇති බව පවසන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්ව එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවය පාලනය කරමින් සිටින බවද පවසා තිබේ.

ඒ අනුව, මේ වන විට ලංකාව, ආධාර ලබන රටක් මෙන්ම, ආධාර ලබා දෙන රටක් බවටද පත්ව ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − five =