නෙරපූ ජනපති ගෝඨාභයගේ වැඩ. මාසික කුළිය රුපියල් දහ අට ලක්ෂ හැත්තෑදහසයි. ප්‍රසම්පාදනයෙන් පිට පැන තාක්ෂණ අමාත්‍යංශය සදහා වන් ගෝල් ෆේස් සංකීර්ණයේ 11 වන මහලින් ඉඩක් වෙන් කර ගනී.

0
659

නෙරපූ ජනපති ගෝඨාභයගේ වැඩ.
මාසික කුළිය රුපියල් දහ අට ලක්ෂ හැත්තෑදහසයි.
ප්‍රසම්පාදනයෙන් පිට පැන තාක්ෂණ අමාත්‍යංශය සදහා
වන් ගෝල් ෆේස් සංකීර්ණයේ 11 වන මහලින්
ඉඩක් වෙන් කර ගනී.


ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තාක්ෂණ අමාත්‍යංශය සදහා ෂැන්ග්‍රීලා පරිශ්‍රයට අයත් වන් ගෝල් ෆේස් සංකීර්ණයේ 11 වන මහලින් ඉඩක් වෙන් කර ගැනීම සදහා ගිවිසුම්ගතව ඇති බව විගණකාධිපති වාර්තාවකින් හෙළි වී තිබේ.

අදාල පරිශ්‍රය සදහා ගෙවිය යුතු මාසික කුළිය රුපියල් දහ අට ලක්ෂ හැත්තෑදහසකි.

තාක්ෂණ අමාත්‍යංශය පැවතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වන අතර ජනාධිපති කාර්යාලයේ සිට කිලෝ මීටරයක් ඇතුළත දුරකින් තාක්ෂණ අමාත්‍යංශය සදහා ගොඩනැගිල්ලක් සොයා ගන්නා ලෙස ඔහු විසින් උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

මෙම ගොඩ නැගිල්ල කුළියට ගැනීමේ දී කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නැත.

2021 ජූලි මාසයේ දී අදාල ගොඩනැගිල්ල ලබා ගැනීම සදහා ගිවිසුම් අත්සන් තබා ඇති අතර වර්ග අඩි 7512 ක වපසරියකින් තුත් එම ගොඩනැගිලෙන් 30% කට වඩා වැඩි අවකාශයක් අවුරුද්දක් තිස්සේ ප්‍රයෝජනයට ගෙන නොමැති බවද පැවසේ.

මේ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + twelve =