නෙරපූ ජනපති ගෝඨා සමඟ එකට අසුන් ගැනීම හිටපු ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කරයි.

0
753

නෙරපූ ජනපති ගෝඨා සමඟ
එකට අසුන් ගැනීම
හිටපු ජනාධිපතිනිය
ප්‍රතික්ෂේප කරයි.


මහජන චීන සමූහාණ්ඩුව ගොඩනගා වසර 74 ක් සැපිරීම නිමිත්තෙන්, චීන තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ උත්සවයට සහභාගී වූ හිටපු ජනාධිපතී, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකට අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙරට චීන තානාපතිවරයා විසින්, හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් එක් මේසයක් සකසා තිබුණු අතර, එහි, චන්ද්‍රිකා මහත්මියටත්, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරු වෙනුවෙනුත් අසුන් වෙන් කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකව ගත් විට එය නුසුදුසු තීරණයක් ලෙස පෙනෙන නමුත්, දේශපාලන තීන්දුවක් ලෙස, හිටපු ජනාධිපතිනිය, නෙරපූ ජනාධිපතිවරයා සමග එකට අසුන් ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − six =