නෙරපූ ජනාධිපති අද තායිලන්තයට ගොඩ බසියි. සියළු වියදම් මනෝජ් රාජපක්ෂගෙන්.

0
807

නෙරපූ ජනාධිපති අද තායිලන්තයට ගොඩ බසියි.
සියළු වියදම් මනෝජ් රාජපක්ෂගෙන්.


ජන අරගලයකින් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවෙන් නික්මී අද දිනයේ දී තායිලන්තය බලා පැමිණීමට නියමිත බව වාර්තා වේ.

තායිලන්ත රජය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට දින අනූවක කාලයක් සදහා වීසා අවසර පත් නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ වීසා ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා රජයද මැදිහත් ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

දින අනූවක කාලයක් තායිලන්තයේ රැදී සිටීමට නියමිත හිටපු ජනාධිපතිවරයා ඉන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි පැවසේ.

හිටපු ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යත්‍ය් දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කළද ඔහුට එරටින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවෙන් නික්මී මාලදිවයින බලා පිටත් වීමට යොදා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවට සිදු කළ ගෙවීම් හැර ඔහු මෙරටින් පලා ගිය පසු කරන ලද සෑම වියදමක්ම දරන ලද්දේ ශ්‍රී ලංකා රජය නොව ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිවරයාගේ අනෙකුත් හිතවතුන් විසින් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 7 =