නෙළුම් කුළුණට ආ ආයෝජනය ඩොලර් බිලියනයක් නොවේ; වසරකට ඩොලර් මිලියන 1.4 ක්.

0
547

නෙළුම් කුළුණට ආ ආයෝජනය
ඩොලර් බිලියනයක් නොවේ;
වසරකට ඩොලර් මිලියන 1.4 ක්.

ලෝටස් ටවර් මැනේජ්මන්ට් කොම්පැනි ලිමිටඩ් සහ සිංගප්පූරු සමාගමක් අතර පසුගිය සිකුරාදා දිනයේ දී ගිවිසුමක් අත්සන් කළ අතර ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ප්‍රකාශ කර තිබුණේ එම ගිවිසුම හරහා වසර තුනකදී ඩොලර් බිලියනයක ආයෝජනයක් මෙරටට ලැබෙන බවයි.

කෙසේ වෙතත් මෙම අගය තහවුරු කිරීම සදහා කිසිදු සාක්ෂියක් ඈ විසින් ඉදිරිපත් කර නොතිබුණි.
ලෝටස් ටවර් මැනේජ්මන්ට් කොම්පැනි ලිමිටඩ් සහ අදාල සිංගප්පූරු සමගාම අත්සන් කළ ගිවිසුම අනුව සැබවින්ම ලැබීමට නියමිත මුදල ඩයනා ගමගේ පැවසූ පරිදි ඇමරිකානු ඩොලර් බිලියනයක් නොව වසරකට ඩොලර් මිලියන 1.4 ක මුදලක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

Kreate Design Pte. Limited සිංගප්පූරු සමාගමට නෙළුම් කුළුණේ දෙවන මහල කුළියට ලබා දීමෙන් වාර්ෂිකව මෙම මුදල ලැබීමට නියමිත ය.

නම් මෙම සමාගම වර්ග අඩි හතලිස් හතර දහසකින් සමන්විත අදාල දෙවන මහළ තුළ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට නියමිත ය. ඊට අමතරව ජලක්‍රීඩා ව්‍යාපෘතියක්ද අදාල ප්‍රදේශය තුළ ඔවුන් විසින් අරභන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − seven =