නේවි සම්පත්ට සුනිල් රත්නායකට
මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව
සම්බාධක පැනවීම පිළිබදව ප්‍රශ්න කිරීම සදහා
කැනේඩියානු මහකොමසාරිස්වරයා
විදේශකටයුතු අමාත්‍යංශයට කැදවයි.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව සිව් දෙනෙකුට එරෙහිව කැනඩා රජය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මෙරට වැඩබලන කැනේඩියානු මහකොමසාරිස් ඩැනියල් බූඩ් මහතා විදෙස් කටයුතු අමාත්‍යංශයට කැදවා තිබේ.
මෙම කැදවීම සිදුකර තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසිනි.
තහවුරු කර නොගත් තොරතුරු මත හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට එරෙහිව සම්බාධක පැනවීම පිළිබදව ශ්‍රී ලංකා රජය කණගාටුවන බව විදේශකටයුතු අමාත්‍යවරයා මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා දැනුම් දී තිබේ.