නොපමාව ඇමති ලොහාන්ට නඩු දමන්න.

0
601

අනුරාධපුර බන්ධනාගාර රැදවියන්ට
මරණ තර්ජනය කිරීම.
“නොපමාව ඇමති ලොහාන්ට නඩු දමන්න.”
අලි සබ්රී පත්කළ විමර්ශන කමිටුවේ නිර්දේශය එයයි.
නමුත් එය එසේ නොවුණි.

අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී එහි සිටි රැදවියන් දෙදෙනෙකු බිම දණගස්වා, ඔවුන්ගේ හිසට පිස්තෝල එල්ල කරමින්, මරණීය තර්ජන සිදු කිරීමේ සිද්ධියට අදාලව, හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නඩු පවරන ලෙස, ඒ පිළිබදව සොයා බැලීමට පත්කළ ඒකපුද්ගල කමිටුව නිර්දේශ කර තිබුණු බව අරුණ පුවත්පත වාර්තා කරයි.

මෙම සිදුවීම සිද්ධ වූවේ, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ 12 වන දා ය.

රාජ්‍ය අමාත්‍යවරයා තවත් සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙකු සමග බන්ධනාගාර පරිශ්‍රයට ඇතුලු වී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ද්‍රවිඩ ජාතික සැකකරුවන් දස දෙනෙකු පිටතට කැදවා, ඉන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම මරණ තර්ජනය සිදුකර තිබේ.

ජනමාධ්‍යය මගින් මෙම සිද්ධියට එලියට ඒමෙන් පසුව, එවකට අධිකරණ අමාත්‍යවරයා වූ අලි සබ්රී, ඒ පිළිබදව සොයා බැලීම සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල කමිටුවක් පත් කර තිබුණි. එකී කමිටුව අදාල සිදුවීම පිළිබදව විමර්ශනය කොට, එම වසරේ නොවැම්බර් මාසයේ 24 වන දා අදාල වාර්තාව, එවකට අධිකරණ අමාත්‍යවරයා වූ අලි සබ්රී මහතාට භාර දී තිබේ.

කෙසේ වෙතත්, එකී වාර්තාව මේ දක්වා සමාජ ගත වූවේ නැත.

සමාජ හා සාමයික කේන්ද්‍රය විසින්, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එකී වාර්තාව ලබාගෙන ඇති අතර, ඉන්, ලොහාන් රත්වත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් වරදකරු කර තිබෙන අතර, ඔහුට එරෙහිව මිනී මැරීමට තැත් කිරීම, බිය ගැන්වීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ, නොපමාව නඩු පැවරිය යුතු බවටද නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 20 =