නොවැම්බර් 06 වන දා සිට ත්‍රීවීල් සදහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණ කරයි.

0
134

නොවැම්බර් 06 වන දා සිට
ත්‍රීවීල් සදහා ලබා දෙන
ඉන්ධන කෝටාව දෙගුණ කරයි.


නොවැම්බර් මාසයේ 06 වන දා සිට බස්නාහිර පළාත තුළ ධාවනය වන ත්‍රීරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත තුළ කුලී ත්‍රීරෝධ රථ ලියාපදිංචිය නොවැම්බර් මාසයේ පළමුවනදා සිට ආරම්භ වන අතර ඒ අනුව නොවැම්බර් හයවන දා සිට ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට නියමිතය.

පළමු අදියරේදී මෙය ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පලාත තුළ පමණි. ඉන් අනතුරුව අනෙකුත් පලාත් සදහාද එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =